කෝකිල ආශ්‍රමය

මහා විහාර ආශ්‍රමය

ප්‍රඥාවන්තයින්ගේ අභයභූමිය


උමංදාව මහා විහාර ආශ්‍රමය

සකල ලෝ වැසියන්ගේ සිත් සුව පිණිස, එදා ජේතවනය, පූර්වාරාමය ආදී තේජවන්ත ආරම පිලිබඳ ඔබ සිත් තුළ ඇඳී සිතුවම, ඔබේ නෙත් ඉදිරියේ යථාර්තයක් කරවන්නට ඉදිවන මහා ආරාමයකි "උමංදාව". තවත් ශතවර්ෂ ගනනාවක් සිරිලක බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුබුදන්නට, සිත් තුළ කරුණාව,මෛත්‍රිය හා ගුණදම් ලියලන්නට ඉදිවන තෝතැන්නයි "උමංදාව"

සිරි සමන්තභද්‍ර නම් විය ඒ මහා මුනිවරයනෝ

ඉමක් කොනක් නොපෙනෙන, පරක් තෙරක් නැති මේ රුදුරු සසර ගමනේ අපව ලුහුබඳනා ඒ වෛර, කාම චේතනා යළිත් කිසිදා හටනොගන්නට, මහත් වෙරයෙන් තැනූ ඒ අවබෝධයේ යදම් අපට කියන්නේ උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ අවසන් මුනිවරයා බවය. දුකින් තැවෙන මිනිසුන්ට සිනහ පහළ කරන්නට, උතුම් සත්‍යාවබෝධය පසක් කරන්නට බිහිවන ප්‍රඥාවන්තයින්ගේ අභයභූමියයි "උමංදාව"..

සිරි සදහම් ආශ්‍රමය

උතුම් වූ බුද්ධ සාසන මෙහෙවරක දශකයකට වඩා වැඩි කාලයක්, සිරි සදහම් ආශ්‍රමය මුල්කොට ගෙන නිරත වූ උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ රටට, සමාජයට අපමණ මෙහෙයක් ඉටුකළහ. සියල්ල ගිහි ජීවිතය තුළ විඳ අවසන් කොට, යථාව පසක් කිරීමනේ අනතුරුව සහසක් දනන්ගේ සිත් තුළ පහන් සංවේගය පතා, සිරි සදහම් පුණ්‍ය භුමියේදී උන්වහන්සේලා ලබන බඹසර සුවය පිලිබඳ වූ උතුම් පණිවිඩය තව තවත් ව්‍යාප්ත කිරීම උදෙසා, එම වැඩපිළිවෙල සිරි සදහම් ආශ්‍රමයේ සිට "උමංදාව" තෙක් දියත් කෙරිණ....

දහම් ලිපි එකතුව


මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලෑස්ති වෙනවා...

අහිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා

මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල..

අඬන්න ලෑස්ති වෙන්න එපා මිනිස්සු ඉන්න තැන

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා.

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා.

එක්වන්න අප සමඟින්...

Utmost truth in the whole universe can not be defeated by anyone..

දිසාපාමොක් සිප්හල


රටේ සම්පත රටේ අනාගතය මේ රටේ දරුවන්, අද අපේ " රට හදන තැන" වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මිනිසුන් නිසා මේ රට දිදෙන් දින අගාදයට වැටෙන්නේ ඔවුනට නියමිත දර්ශනයක්, දැක්මක් හා දහමකින් පෝෂණය නොවුන නිසාය. රටට අවශ්‍ය කරන්නේ, මාතෘ භුමියට ආදරය කරන සතා සිව්පාවට ගහට කොළට ආදරය කරන මිනිසුන්. ඒසඳහා කුඩා කල සිටම අපේ දරුවන්ට අපි නිදහස් අධ්‍යාපනයක් මෙන්ම දහමින් පෝෂණය වූ සොබාදහම සමග බද්ධ වූ නැවුම් ක්‍රම වේද ඔස්සේ සුදුසු අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මෙහි පළමු පියවර ලෙස සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස කුරුනෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින උමංදාව මහා විහාර ආශ්‍රම පරිශය මුල්කරගෙන ඒ අවට ජිවත් වන ඉතාම දිළිඳු පවුල් වල සිටින දරුවන් හට නොමිලයේ අධ්‍යාපන ලබාදීමට " දිසාපාමොක් " සිප්හල ආරම්භ කිරීමට කටයුතු සැලැස්වීය. ඉංග්‍රීසි, පරිඝනක, ගණිතය, බෞද්ධ දර්ශනය, පරිසර විද්‍යාව යන මුලික විෂයන් ඔස්සේ පෙර පාසල් දරුවන්ගේ සිට උසස් පෙළ දක්වා වූ ඉතාම සරලව දරුවන්ට නිදහසේ කල්පනා කිරීමට, නව නිර්මාණ බිහි කිරීමට, ප්‍රායෝගික ක්‍රියාකරකම් ඔස්සේ සොබාදහමේ රිද්මය වටහා ගැනීම මෙන්ම බුදු දහම තුලින් තම ජීවිතය සතුටින් ගත කිරීමට, සිත නිවා ගැනීමට අවශ්‍ය කරුණු මුල්කරගනිමින් සැකසුනු නව විෂය නිර්දේශයක් ඔස්සේ මෙම අධ්‍යාපනය ලබා දීම මෙහි ඇති විශේෂයයි. එමෙන්ම දරුවන්ට නිදහසේ තම ගැටළු නිරාකරණය කිරීමට ද විවෘතව තම අදහස් ගෙන හැර දැක්වීමටද ඉඩ සලසා ඇත. මෙම ගම්මානයේ ඇතැම් දරුවන් පරිඝනකයක් ඇහැටවත් දැක නැත, ඇතැමුන් හට පාසල් යාමට තරම් වත්කමක් නැත. එහෙත් දැන් ඔවුන්ට ඔවුන්ගේ දෑස් වල කඳුළු පිසදැමීමට කාලය උදාවී ඇත. ලෝකය දකින්න සතුටින් ජිවත් වන මිනිසෙකු වීමට අවශ්‍ය වට පිටාව කෙමෙන් කෙමීන් සැකසෙමින් පවතී. දැන් අප එයට අවශ්‍ය මුලික අඩිතාලම නිමා කර අවසන්ය. දරුවන් 53ගෙන් ආරම්භ කරන ලද මෙම තක්ෂිලාවේ මේ වනවිට දිළිඳු දරුවන් 352නෙක් අධ්‍යාපනය ලබයි. මේ රටේ සිටින යමක් කළහැකි මිනිසුන් හට අපි පවසන්නේ මෙම උතුම් කෘතව්‍යට උරදී අපේ රටේ මතු අනගතය ගොඩනැංවීමට අපට ශක්තියක් වන ලෙසය. තවමත් මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ පොලොව මත වාඩි වී ෆයිල් කවර උඩ පොත තබාය. ඔවුනට අධ්‍යාපනය රිසි සේ හැදෑරීමට අවශ්‍ය ගොඩනැගිල්ලක අවශ්‍යතාව දැන් ඉතා තදින් දැනෙයි. එමෙන්ම පරිඝනක, පුටු මේස වැනි දෙයින් උපකාර කල හැකි අයෙක් සිටි නම් මෙම උතුම් කෘතව්‍ය දෙස බලා අප හා එක වන මෙන අප ඉතා කාරුණිකව දන්වා සිටිමු. සැවොම එක වී නගමු අප දේශය යලිත්....

Pleas read for more details...

විමසීම් : සිරි සදහම් ආශ්‍රමය දෙහිවල - 0773 686 686 උමංදාව මහා විහාර ආශ්‍රමය මැල්සිරිපුර - 077 544 0888


ගොඩනැගෙන උමංදාව මහා විහාරය


කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ මහා ඝන කැලයක් ව තිබු භූමියක්, වසරක් ඇතුළත මනරම් උද්‍යානයක් වන්නේ උන්වහන්සේගේ පූර්ණ මගපෙන්වීම යටතේය. භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසෙහි මහත් කැපකිරීම් මතින් ඉදිවන "උමංදාව මහා විහාර ආශ්‍රමය" මේ වන විට උමංදාව ගම්වාසී සියල්ලන්ටම තමන්ගේ ජීවිත වෙනස් කරගැනීමට තෝ තැන්නක් වී හමාරය. තවත් වසර දහස් ගණනක් සසුනඹර එලිය කරන්නට සතර දිගින් වඩිනා මහා සඟ රුවනට වැඩ වසන්නට, ඉදිකරන කුටියක් වෙනුවෙන් ඔබටත් දායකත්වය දැක්විය හැකියි.

Umandawa

Introspection is the best inspection.

The Saviour Returns

Next Events

පෝ දා සද්ධර්ම ප්‍රවර්තනය
අප්‍රේල් 10 වැනි දින සවස 6.00 සිට...

Pindapatha

සෑම සෙනසුරාදා දිනකම පවත්වන තාරුණ්‍යයේ පිණ්ඩපාත පෙළහර පිළිබඳ සියළු විස්තර ලබා ගැනීම සඳහා අපව අමතන්න.

Call us

  • Phone:
    077 544 0888
  • Email:
    info@umandawa.org
  • Address:
    9 Post, Alipallama,
  • Melsiripura, Kurunegala,
  • Siri Lanka.